iPhone Best Settings (2026) 📱

iPhone පාවිච්චි කරන ඔයාගේ බැටරි එක දවසක් පුරා තියාගන්න සහ Gaming වලදී Smooth performance එකක් ගන්න මේ settings අනිවාර්යයෙන්ම හදාගන්න.

1. Background App Refresh Off කිරීම

මේකෙන් වෙන්නේ ඔයා App එකක් පාවිච්චි නොකරන වෙලාවටත් බැටරි එක වැය වෙන එක නතර කරන එකයි.

Settings > General > Background App Refresh > Off

2. Reduce Motion (Gaming Smoothness)

Gaming වලදී සහ iPhone එක පාවිච්චි කරද්දී අනවශ්‍ය ඇනිමේෂන් අඩු කරලා වේගය වැඩි කරයි.

Settings > Accessibility > Motion > Reduce Motion (On)

3. Location Services (Battery Saving)

අනවශ්‍ය Apps ඔයාගේ Location එක ගන්න එක නතර කිරීමෙන් බැටරි ආයු කාලය ගොඩක් වැඩි කරගන්න පුළුවන්.

Settings > Privacy & Security > Location Services > System Services > "Significant Locations" (Off)

4. Optimized Battery Charging

ඔයාගේ iPhone බැටරි හෙල්ත් එක (Battery Health) කාලයක් ආරක්ෂා කරගන්න මේක On කරලා තියාගන්න.

Settings > Battery > Battery Health & Charging > Optimized Battery Charging (On)

Home එකට යන්න